වෙනසේ රසය විදගන්න – PHP කුප්පිය 3


“කොහොමද කට්ටිය හොදින් ඉන්නවද? ඔන්න ඉතින් අදත් අලුත් පාඩමක් අරන් මම අාවා හොදේ. දෙවැනි කුප්පියේදී අපි පළමු වෙනි php programme එක සාර්ථකව අත්හදා බැලුවා. එක බලන්න මෙතනින් යන්න. එදා අපි කිවානේ තරගය පටන් ගත්ත කියලා ඉතින් ඕක බලලා අපේ උන් මගෙන් ඇහුවා ඒ මොකක්ද කියලා. එත් වටිනා කියන දේවල් එහෙම කියන්න බැනේ නේද? 😀 ඒ හින්ද ඒක ගැන මම කියන්න යන්නේ නැ, ඔයාල මේ php ලිපි ටිකත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් මොකක්ද මේ තරගය කිවේ කියල තේරෙයි. පොස්ට් ලියන්න වෙලාව ටිකක් මදි උනත් පුළුවන් ඉක්මනට හැම දෙයක්ම මම කියල දෙන්නම් ඔයාලට. ඉතින් අපි පටන් ගත්ත තරගය මොන බාදක ආවත් දිනුම් කනුව පහු කරනකන් දිගටම යමු. ඉතින් වැඩි කතා නොකියම අද පාඩමට එමු හරි………..”

කලින් පොස්ට් වලට යන්න 

♦  php හදුන්වාදීම                         – කුප්පිය 1

♦  කෙතකරණය පටන් ගැන්ම        – කුප්පිය 2 

 

අදනම් කියල දෙන්නේ ලොකු පාඩමක් නෙවේ එත් මේක මර වැදගත් පාඩමක් php ඉගෙන ගන්න හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ php වලදී අපිට නිතර හම්බවෙන variables ගැන කතා කරන්න. මම දැක්කා අපේ තරංග සහෝදරයත් java වල vriables ගැන ලොකු පොස්ට් එකක් දාල තියෙනවා. එ්කෙත් ගොඩක් දේවල් තියෙනවා මෙතනින් ගිහින්ම බලන්නකෝ. ඉතින් java වලට වඩා php වල වෙනසක් තියෙනවා මේ variable වල. හරි අපි අද අපේ පාඩම පටන් ගමුකො එහෙනම්.

  • මොකක්ද මේ variable එකක් කියන්නේ ?

දත්තයන් ගබඩාකර තබා ගැනිමට හැකියාව ඇති මතක කොටසක් ලෙස හැදින්විය හැක.එහි අකුරු,ඉලක්කම් වැනි දෙවල් මතක තබාගත හැකියි.

  • php variables වල විශේෂත්වය

php කියන්නේ loosely typed programming language එකක්. ඒ කියන්නේ php වලදී අපි භාවිත කරන variables වල data type එක ඔටෝමටිකල් declare වෙනවා. එක සිද්ද වෙන්නේ අපි variable එකට values assign කරන විදිය අනුවයි. strongly type language එකක් වගේ ( හරියට C වගේ ) ඒවගේ data type එක අපි දෙන්න ඕනේ නැ. ඉන්නකෝ මම උදාහරණයකින් පෙන්නන්ම්. අපි බලමු string variable එකක් අරගෙන.

♦   වෙනත් language එකකදී

String name = “FriendsMind”;

♦   php වලදී

$name = “FriendsMind”;

ඔන්න ඔය විදියටයි වෙනස් වෙන්නේ. php වලදී variable එකක් declare කරනකොට අපි $ sign එක තම use කරන්නේ. $ සලකුණ නිසා php වලදී එක variable එකක් විදියට අදුර ගන්නවා. ඉතින් එක string ද, integer ද , double ද etc.. යනාදී විදියට අදුර ගන්නේ අපි එකට values assign කරන විදියට. මෙන්න එකට උදාහරණ කීපයක්.

♠  $num = 12;   මෙය integer ලෙස අදුර ගන්නවා

♠  $num = 12.5; මෙය double ලෙස අදුර ගන්නවා

♠  $fName = “FriendsMind”; මෙය string ලෙස අදුර ගන්නවා

ඔන්න ඔය ආකාරයෙන් තම එන්නේ. තව දෙයක් කියන්න ඕනේ php වල තියෙන identifiers ( ඒ කිවේ variables වගේ ඒවා ) case sensitive ඒ කියන්නේ capital , simple දෙක දෙකක් විදියටයි සලකන්නේ. $num සහ $Num සහ $NUM යන ඒවා තුන් ආකාරයකට එනම් එකීනෙකින් වෙනස් variable විදියටයි අදුර ගන්නේ.

ඒ වගේම තමයි variable එකක් පටන් ගන්න කොට පටන් ගන්න අකුර විදියට අපිට ගන්න පුළුවන්නේ මෙන්න මේ දේවල් විතරයි _ , letters විතරයි. numbers පටන් ගන්න use කරන්න බැ. ඒ වගේම identifiers එකක පළමු අකුර ඇරුනම අනික් ටිකට අපිට _, letters , numbers use කරන්න පුලුවන්. ඒ වගේම හිස් තැන් කොතනදිවත් use කරන්නත් බැ,

♦  දැන් අපි උදාහරණ කීපයක් බලමුද ?

1.   <html>
     <body>

         <?php
           $var = "firstTest";
           echo $var;
         ?>

     </body>
     </html>

මේකේ output එක විදියට අපිට ලැබෙන්නේ firstTest කියන එකයි.තව පොඩි දෙයක් කියන්න ඕනේ ඒ තම අපි variable එකකට නමක් එහෙමත් නැතිනම් identifier එකකට නමක් දෙනකොට එකේ කොටස් දෙකක් තියෙනවනම් එකේ මුල් කොටස simple වලින් පටන් ගෙන දෙවෙනි කොටස capital වලින් පටන් ගන්නවනම් හොදයි. එක රුල් එකක් නෙවේ හොද programmer කෙනෙක්ගේ ගති ගුණයක්.

 

2.   <html>
     <body>

         <?php
           $fNum = 15;
           $sNum = 30;
           $var = "Sum Of ";
           $var2 = "15+30";
           
           echo "First Number is = " .$fNum."<br>";
           echo "Second Number is = " .$sNum."<br>";            
           echo $var.$var2." = ".($fNum+$sNum);
         ?>

     </body>
     </html>

හරි මේ උදාහරණයෙන් ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේකෙදි අපි use කරලා තියෙනවා concatenating operator එක. ඒ කිවේ අපි ඔය දාල තියෙන dot එක ගැනයි කිවේ. ඒ dot එකෙන් අපිට පුළුවන් variable දෙකක් එකට කරන්න. එතැනදී සිදු වන්නේ එකතු කිරීමක් ( ධන කිරීමක් ) නොවේ. variable එකේ තියෙන දේවල් එකට අමුණන එකයි කරන්නේ. ඒ වගේම මම කිවා php තුල html use කරන්න පුළුවන් කියල ඉතින් අපි html ටැග්ස් php code එක ඇතුලේ දානවනම් echo කියන function එකත් එක්ක double cots එතුලේ දාන්න පුළුවන්. මම use කරලා තියන <br> කියන ටැග් එකෙන් කරන්නේ line එක break කරලා ඊලග line එකට ගන්න එකයි. ඉතින් ඔය code එකේ output එක එන්න ඕනේ මේ විදියටයි.

         First Number is = 15
         Second Number is = 30
         Sum Of 15+30 = 45

3. <html>
   <body>
      <?php
        echo 'This ','string ','shows ','freindsmind.wordpress.com ';
      ?>
  </body>
  </html>

ඔන්න ඔය විදියට අපිට multiple parameters use කරන්නැත පුළුවන්. මෙහි output එක වෙන්නේ මෙන්න මේකයි.

 This string shows freindsmind.wordpress.com 

 

       හරි අදට මම අරගෙන අපු පාඩම ඔන්න ඉවරයි. ඉතින් මම හිතනවා ඔයාලට මේක වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලට මේ ලිපි පෙළ වැදගත් කියල හිතෙනවනම් ඔයාල මේවා කියවල දෙයක් ලබාගත්තනම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා. ඒ වගේම දැනගන්න දේවල් තියෙනවනම් අවුල් දේවල් තියෙනවනම් comment එකක් දාන්න මම ඒවාට පිළිතුරු ලියන්නම්. ඒ වගේම ඔයාලට වැදගත් වෙන තවත් දේවල් ගොඩක් ඔයාල වෙනුවෙන්ම සුදානම් කරගෙන යනවා අපේ සෙට් එක. 3D Modling , java වගේම අලුත් Game ගැනත් ඔයාලට ඉගෙන ගන්න සුපිරි තුන් දෙනෙක් ඉන්නවා ඉතින්. ඒ වගේම Video Editing ගැනත් පාඩම් මාලාවක් ලගදීම පටන් ගන්න foundation දාලයි තියෙන්නේ. එකට එන්න ඉන්නේ සුපිරිම bulet එකක්. Video Editing ගැන සුපිරි දේවල් පොරගෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි නුදුරු අනාගතයේදී 😛 . ඒ නිසා Friends Mind එක්ක හැමදාම එකතු වෙලා ඉන්න.

ඉතින් එහෙනම් ඊලග පාඩම අනිවා ඉක්මනට ගේනනම් 😀  එතකන් මම යනවා. ඔබට ජය…!

“මෙහි පළවන සියලුම ලිපි වල අයිතිය Friends Mind සතුවන බව සලකන්න.
කතෘ අයිතිය සුරකින්න.”

 

8 thoughts on “වෙනසේ රසය විදගන්න – PHP කුප්පිය 3

  1. ගොඩාක් ස්තුතියි.හරිම වැදගත් ලිපියක්.

    මම ගොඩක් දේවල් ඉගෙනගත්ත.

    Like

  2. ඒ විදියට තමා php වල variable සහ string එකට එකතු කරන්නේ. එකට කියන්නේ concatenate කරනවා කියලා.

    Like

  3. echo “First Number is = ” . $fNum . “”;
    echo “Second Number is = ” . $sNum . “”;

    මේකේ double cots (” “) දාල තියෙන්නේ variable එකට නෙවේ string එකටයි html code එකටයි.

    Like

  4. echo “First Number is = ” .$fNum.”
    “;
    echo “Second Number is = ” .$sNum.”
    “;

    මේ තැන් දෙකේම variable ලගින් දාලා තියෙනවා.

    Like

  5. කොතනදී තියෙන $fNum ගැනද කියන්නේ, පොඩි පැහැදිලි කිරීමක් කරන්න බැරිද? ප්‍රශ්නය පැහැදිලි මදි.

    Like

  6. මචං මේකේ .$fNum. කියලා දාලා තියෙනවනේ මේකේ . එකක් ඉස්සරහටයි පිටිපස්සටයි දාලා තියෙන්නේ ඇයි…

    Liked by 1 person

ඔබෙ අදහස් අපිට කියන්න...