පිලිවෙලට හැදෙමු [ C++ කුප්පිය – 01 ]


අපේ ප්‍රමා්‍ෙද් සහෝදරයා post එකක් ලියලා ගියාට පස්සේ ආයේ සී++ ගැන හැරිලාවත් බලලා නැනේ… ඉතින් මං හිතුවා post එකක් ලිව්වානම් හොදයි කියලා. කට්ටියගෙ ඔලුවල මේ දවස් වල වෙන වෙන දේවල් නේ තියෙන්නේ ඒ නිසා ටිකක් post ලියන එක ඇන හිටිලා වගේ මට පේන්නේ.. එහෙම කියලා බෑනේ නේ…


ගිය ලිපියෙන් අපේ ප්‍රමා්‍ෙද් සහෝදරයා කියලා තියෙනවා C++ වලින් coding පටන් ගන්න අවශ්‍ය කරන IDE එක ඉන්ස්ටෝල් කරගන්න කියලා.මං හිතනවා කට්ටිය ඒකත් ඉන්ස්ටෝල් කරන් ඇති කියලා. coding ලියන්න පටන් ගන්න කලින් මං අද කියන්න යන්නේ coding කරන පිලිවෙල මොකක්ද කියලා.

#include <header files>

Using namespace std;

Prototype_functions();

Global_Variable Declaration;

main_function(){}

Other_Functions(){}

 

මෙන්න මේ පිලිවෙලට තමා සී++ වල අපි coding කරන කොට අනුගමනය කරන පිලිවෙල. Advanced පැත්තට යනකොට මේක ටිකක් වෙනස් වෙනවා. දැන්  මේවා ගැන එකින් එක දැනගමු.

01. Header Files

user ගේ පහසුව සදහා c වල වගේම c++  libraries වල ඇතුලත් වන  කලින් හදලා දිලා තියෙන functions අපෙ program එකට ඇතුලත් කරගැනමයි සිදුකරන්නේ.මේ සදහා #include යන විධානය අපි භාවිතා කරනවා.

උදා ->  c++ වල input and output stream සදහා භාවිතා කරන functions ඇතුලත් වන header file එක ” iostream “.අපිට ඒක අපේ program එකට ඇතුලත් කරගන්න අවශ්‍ය නම් පහත පරිදි අපිට කරන්න පුලුවන්.

#include <iostream>

Header files contained predeclared function libraries, which can be used by users for their ease

02. using namespace std

 compiler ට කියනවා standard namespace භාවිතා කරන්න කියලා. namespace මගින් object ,class ,variables වල identifiers එකතු කරගන්නවා.

  • using: You are going to use it

  • namespace: To use what? A namespace

  • std: The std namespace (where features of the C++ Standard Library, such as string or vector, are declared).

 

03. Prototype Functions

අපි main function එකට පස්සේ තවත් function හදනවානම් අපිට compiler ට මුලින්ම කියන්න වෙනවා මෙන්න මෙහෙම functions වගයක් අප‍ෙ source file එකේ ලියලා තියෙනවා කියලා. නැත්තම් compiler විසින් error එකක් display කරනවා එහෙම function එකක් නැ කියලා.

Ex:

prototype_error

 

ඒ නිසා අපි main function එකට මුලින් අදාල අනිත් function එකේ prototype function එකක් හදනවා. ඉහත රුපයට අනුව අපි prototype function එක හදන්නේ කොහොමද කියලා බලමු.

#include <iostream>
using namespace std;

void test();

int main(){
cout<<“main Function”;
test();
}

void test(){}

 

04. Global Variable Declaration

අපි coding ගහගෙන යනකොට අපිට ඕන වෙනවා කියලා හිතන්ටකෝ එක value එකක් functions කිහිපයකට භාවිතා කරන්න අන්න ඒ වෙලාවකදි අපිට පුලුවන් global variable එකක් හදලා ඒකට අදාල value එක assign කරලා functions කිහිපයකට භාවිතා කරන්න.

Ex:

global_variable

05. Main Function

 source file එක compile කරලා execute කරන්න විධානය ලබාදනෙ විට පලමුවෙන්ම execute විම ආරම්භ වන්නේ main function එකෙනුයි.

Ex:

int main(){

return 0;

}

 

06. Other Functions

main function එකට අමතරව අපේ කාර්යයන් පහසු කරගන්න අපිට තවත් functions හදාගන්න පුලුවන්. එහෙම හදන හැම function එකකටම prototype එකක් source file එකේ මුලින්ම හදාගන්න ඕනේ.

Ex :

void subtract (int x, int y);

void sum (int a, int b);

 

int main(){

}

void sum (int a, int b) {

}

void subtract (int x, int y){

}

 

මෙන්න මේ පිලිවෙලට තමා අපි source file එක ලියන්නේ. එහෙනම් දැන් පිලිවෙලත් දන්න එකේ ඊලග ලිපියෙන් programing පැත්තට ඔලුව දාලා බලමු නේ.එහෙනම් අදට ගියා මං.


“මෙහි පළවන සියලුම ලිපි වල අයිතිය Friends Mind සතුවන බව සලකන්න.
කතෘ අයිතිය සුරකින්න.”


ඔබෙ අදහස් අපිට කියන්න...