Statistic (සංඛ්‍යානය) – 1


“ගොඩක් අය stat කියල කියනවා නැත්නම් statics (ස්ථිති විද්‍යාව) කියනවා. ඒත් stat කිව්වට කමක් නෑ ,statics කිව්වම අදහස සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කොටින් ම කිව්වොත් වැරදි. මේ subject 1 ත් ගණිතයේ තියන ලේසි කොටසක් ඒ වගේ ම ගොඩක් පැතිරුනු කොටසක්. හරියට ඉගෙන ගත්තොත් මේ field 1 න් job 1 ක් කරන්න වුනත් පුළුවන් .තව මේ subject 1 ගැන කියන්න දේවල් ගොඩක් තියනවා .ඒත් අපි දැන් stat ඉගෙන ගන්න පටන් ගමු.”

සංඛ්‍යානය(statistic)

හැදින්වීම

සංඛ්‍යානය කියන්නේ මොනවා හරි  ලබාගත්ත දත්ත(collected data) අපට  තීරණයක් ගන්න පුළුන් විදිය සකස් කිරීම තමයි.

ටිකක් අපැහැදිලී වගේ නේ?

අපි උදාහරණයකින්  පැහැදිලි කර ගමු.

අපි හිතමු මොකක් හරි සමාගමක් තියනවා රෙදි නිෂ්පාදනය කරන එයාල නිෂ්පාදනය කරන්නේ t-shirt,shirt,skirt

කියලත් හිතමු. එයාලගේ ගිය මාසේ විකුණපු දේවල් වල තොරතුරු පහළ වගුවේ දාල තියනවා.intro_table

ඉතින් එයාලට plan කරන්න ඕන එයාලගේ ඊලග මාසේ  නිෂ්පාදනය කරන විදිය ගැන.මේ සමාගමේ කළමණාකරුවන් හොයල බලනවා වැඩියෙන් විකිණිලා තියෙන්නේ මොන item ද කියලා.ඉතින් උඩ වගුවෙන් පේනවා දුඹුරු පාට t-shirt වැඩියෙන් විකිණිලා කියල.එතකොට ඊලග මාසෙට දුඹුරු පාට t-shirt වැඩියෙන් නිෂ්පාදනය කරනවා.ඉතින් දුඹුරු පාට t-shirt කියන්නේ stat වලට අනුව මාතය(mode) .තවත් බැලුවොත් අඩුවෙන් විකිණිලා තියෙන්නේ තියන ඒවා නිෂ්පාදනය නොකරෙ ඉන්න හරි නිෂ්පාදනය වෙනස් කරන්න පුළුවන්.මේක නිකන් සරල උදාහරණයක් විතරයි stat වලින් තව ගොඩක් දේවල් කරන්න පුළුවන්.

දත්ත රැස්කරන ක්‍රම(Data collecting method )

දත්ත රැස්කරන ක්‍රම නම් ගොඩක් තියනවා.එවාගෙන් ටිකක් විතරක් අපි බලමු.

  • සෘජු නිරීක්ෂණය(direct observation)

  • සම්මුඛ සාකචඡා (interviews)

  • තැපැල් මාර්ගික ප්‍රශ්න මාලා මගින්/ප්‍රශ්න මාලා මගින්(questionnaires)

  • දුරකථනයෙන්(telephone conversation)

  • අන්තර්ජාලයෙන්(Internet)

ඉතින් මේ ක්‍රම ගැන විස්තර කරන්නෑ දැන්.මොකද මේවා ගැන තියන වෙන subjects තියනවා IT වල.

සංඛ්‍යානයේ දී භාවිතා වන වචන කිහිපයක්(Statistic terminology )

සංගහනය(Population)

 අපි දත්ත රැස් කිරීමට ගන්නා කොටසට හෝ පිරිසට තමයි සංගහනය කියන්නේ.

නියැදිය(Sample)

අපි දත්ත ලබාගත්ත වලින් පරීක්ෂණයට භාජනය කරන දත්ත  කොටස තමයි නියැදිය කියන්නේ.

ව්චල්‍යය(Variable)

මොකක් හරි දත්තයකට 1 ට වඩා තියනවා නම් ඒක විචල්‍යක් කියනවා.

ප්‍රාථමික දත්ත(Primary Data)

අපි විසින් ම පරීක්ෂණය සදහා එක්රැස්කරගන්නා දත්ත ප්‍රාථමික දත්ත කියලා කියනවා.

ද්විතික දත්ත(Secondary Data)

වෙනත් පුද්ගලයකු/ආයතනයක් විසින්  එක්රැස්කරගන්නා ලද අප පරීක්ෂණය සදහා යොදා ගත් විට එම දත්ත වලට ද්විතීක  දත්ත කියලා කියනවා.

ගුණාත්මක දත්ත(Qualitative Data)

දත්ත සමූහයක මොකක් හරි ගුණයක් නිරුපණය කරන දත්ත, ගුණාත්මක දත්ත කියනවා.මේකෙ දි භාව්තා කරන විචල්‍යය(variable) ගුණාත්මක විචල්‍යය(Qualitative variable) කියලා කියනවා. මේ ගුණාත්මක විචල්‍යය ඉලක්කම්(numerically) වලින් මනින්න බෑ.

ප්‍රමාණාත්මක දත්ත(Quantitative Data)

 දත්ත සමූහයක මොනවා හරි සංඛ්‍යා වලින් නිරුපණය කරන දත්ත, ප්‍රමාණාත්මක දත්ත කියනවා.මේකෙ දි භාව්තා කරන විචල්‍යය(variable) ප්‍රමාණාත්මකවිචල්‍යය(Quantitative variable) කියලා කියනවා. මේ ප්‍රමාණාත්මක විචල්‍යය ඉලක්කම්(numerically) වලින් මනින්න පුළුවන්.

ප්‍රමාණාත්මක දත්ත වර්ග දෙකක් තියනවා.

1.විවික්ත දත්ත (Discrete Data)

දත්ත සමූහයක  ගනන් කරන සංඛ්‍යා(Natural numbers) වලින් නිරුපණය කරන දත්ත, විවික්ත දත්ත කියනවා.මේකෙ දි භාව්තා කරන විචල්‍යය(variable) විවික්ත විචල්‍යය(Discrete variable) කියලා කියනවා.

2.සංතතික දත්ත(Continuous Data )

දත්ත සමූහයක මොකක් හරි පරාසයකින් නිරුපණය කරන දත්ත, සංතතිකදත්ත කියනවා.මේකෙ දි භාව්තා කරන විචල්‍යය(variable) සංතතික විචල්‍යය(Continuous variable) කියලා කියනවා.

නියැදි කිරීමේ ක්‍රම(Sampling method)

පොකුරු නියැදි කිරීම(cluster sampling)

සංගහනයේ(Population) ඇති ස්ථාන කිහිපයක් පරීක්ෂණයට තෝරා ගැනීම තමයි පොකුරු නියැදි කිරීම කියන්නේ.

අහඹු නියැදි කිරීම(Complete Randomize sampling)

 සංගහනයේ(Population) ඇති අහඹු ලෙස ගන්නා ලද ස්ථානයක්  පරීක්ෂණයට තෝරා ගැනීම තමයි අහඹු නියැදි කිරීම කියන්නේ.

ස්තර නියැදි කිරීම(strata sampling)

 සංගහනය(Population) විවිධ කොටස් වලට බෙදා ගෙන ඒ කොටස් පරීක්ෂණයට තෝරා ගැනීම තමයි ස්තර නියැදි කිරීම කියන්නේ.

ක්‍රමික නියැදි කිරීම(systematic sampling)

සංගහනයේ(Population) ඇති කොටසක් ඒකේ ක්‍රමික වෙනස් වීම් නිරීක්ෂණය කර ඒ නිරීක්ෂණ පරීක්ෂණයට තෝරා ගැනීම තමයි ක්‍රමික නියැදි කිරීම කියන්නේ.


“මෙහි පළවන සියලුම ලිපි වල අයිතිය Friends Mind සතුවන බව සලකන්න.
කතෘ අයිතිය සුරකින්න.”


 

5 thoughts on “Statistic (සංඛ්‍යානය) – 1

    1. උදාහරන ඉදිරිපත් කිරිම මගින් වඞාත් පැහැදිලි වෙි. ස්තුතියි

      Like

ඔබෙ අදහස් අපිට කියන්න...