දෙන්නගේ වෙනස්කම


අවුරුද්දත් කිට්ටු කිට්ටු… පර්ස් එකට තට්ටු තට්ටු…

මගේ නම් පර්ස් එකට තට්ටු වෙන්ට දෙයක් නැ..හැමදාම තට්ටු වෙලා තමා තියෙන්නේ… කට්ටියට අවුරුදු සරු ඇති කියලා මං හිතනවා…ගොඩ දවසකට පස්සේ ලිපියක් ලියන්න ඔනේ කියලා හිතුනා… අද නම් කියන්න යන්නේ බ්ලොග් කියන දේ සම්බන්ධව ලිපියක්.. අපේ ගුනේරිස් අයියා (දන්නෝ දනිති) දවසක් මගෙන් අහුවා ප්‍රශ්නයක් “ මචං wordpress බ්ලොග් වලයි blogger blog වලයි වෙනස මොකක්ද බං “  අහපු දවසේ නම් මටත් හරියට උත්තරයක් දෙන්න බැරි වුනා.. අද ඒකටත් එක්කම හොද උත්තරයක් දෙන්න බලාගෙන තමා මං ආවේ..


 

සිංහල බ්ලොග් කරන අයගෙන් වැඩි දෙනෙක් බ්ලොග් හදන්නේ Blogger.COM වලින් ඒත් WordPress කියන්නේ Blogger වලට වඩා ගොඩක් පහසුකම් තියන Blogging Platform එකක්. ඉස්සෙල්ලාම මේ දෙක මොකක්ද කියලා දැනගෙන ඉන්න එක හොදයි කියලා හිතුනා මට..

Blogger යනු කුමක්ද?

Blogger යනු ඔබට නොමිලේම බ්ලොග් එකක් සැදීමට ඉඩ කඩ ලබාදෙන සේවාවකි. ගොඩක් දෙනෙක් දන්නේ ඒක Google සමාගමට අයිති දෙයක් කියලානේ.ඒ වුනාට ඇත්තටම ඒක නිර්මාණකරුවන් වුනේ Pyra Labs. ඔවුන් විසින් develop කරපු Blogger සේවාව 2003 වසරේදී Google සාමාගම විසින් මීලදී ගත්තා.මේ වෙනකොට ඒ සේවාව සපයන්නේ Google සමාගමයි.

Blogger වල ලක්ෂණ

  • Blogger වල ඇති සුවිශේෂ වාසියක් වන්නේ නොමිලේම yourname.blogspot.com ආකාරයේ domain නාමයක් ලබා ගත හැකි විමයි.

  • blogging ගැන කිසිම දැනුමක් නොමැති උනත් Blogger වල ඇති සරල අතුරු මුහුණත නිසා ඉතා පහසුවෙන් බ්ලොග් අඩවිය ආරම්භ කරන්න පුලුවන්.

  • බ්ලොග් අඩවිය Google සතු වන අතර අඩවිය ඕනෑම වෙලාවක delete කිරීමේ අයිතිය Google සමාගම සතුය.

  • ASP.Net හෝ PHP වැනි Programming Language සදහා Blogger අඩවිය සහය නොදක්වන බැවින් කල හැකි දේවල් සීමා සහිතය.

  • එක account එකකට ඔබට සැදිය හැක්කේ බ්ලොග් අඩවි 100ක් පමණි.

  • 1GB දක්වා පින්තුර ඔබගේ බ්ලොග් අඩවියට එකතු කල හැකිය.

  • Labels 2000ක් එකතු කරා හැකි අතර එක පොස්ට් එකක් සදහා Labels 20ක් යොදා ගත හැකිය.

  • අකුරු 500ක් දක්වා බ්ලොග් Description එකට ඇතුලත් කල හැකිය.

  • “About Me” Profile Information : ඔබට අකුරු 1200ක් දක්වා මෙයට ඇතුලත් කල හැකිය.

WordPress යනු කුමක්ද ?

WordPress.COM බොහෝ දුරට Blogger වලට සමානයි.මේකත් බ්ලොගින් platform එකක්. Blogger වල තියෙන ඇතැම් අවාසි නිසා ගොඩක් දෙනෙක් wordpress බ්ලොග් වලට තමා කැමැත්තක් දක්වන්නේ. Blogger වල ඇති අවාසියක් වන්නෙ අපේ බ්ලොග් එක Google සමාගම සතුවිමයි.wordpress වලදි බ්ලොග් එකේ අයිතිය අපි සතුවයි පවතින්නේ.

WordPress වල ලක්ෂණ

  • 3GB දක්වා පින්තුර ඔබගේ බ්ලොග් අඩවියට එකතු කල හැකිය.

  • නොමිලේම yourname.wordpress.com ආකාරයේ domain නාමයක් ලබා ගත හැකි විමයි.

  • blogging ගැන කිසිම දැනුමක් නොමැති උනත් wordpress වල ඇති සරල අතුරු මුහුණත නිසා ඉතා පහසුවෙන් බ්ලොග් අඩවිය ආරම්භ කරන්න පුලුවන්.

  • විවිධ ආකාරයේ Plugins විශාල ප්‍රමාණයක් පැවතිම.

  • SEO වලට හොදට සහයෝගය දැක්වීම.

  • Themes අති වීශාල ප්‍රමාණයක් තිබිම.

  • WordPress කියන්නේ Open source Software එකක්.ඔයාට පුලුවන් ඒකට plugin එකතු කරලා වෙනස් කම් කරන්න.

  • ඔයාට අවශ්‍ය ඔනැ තැනකට ඔයාගේ blog එක ‍move කරන්න පුලුවන් ඉතා ලෙසියෙන්. Blogger වලදි මේක කරන්න අමාරුයි.

 


“මෙහි පළවන සියලුම ලිපි වල අයිතිය Friends Mind සතුවන බව සලකන්න.
කතෘ අයිතිය සුරකින්න.”


ඔබෙ අදහස් අපිට කියන්න...