පරිගණක සෙල්ලක්කාරයන්ට- ස්කූබී …………හපන්න නම් එපා …


”ඔන්න ඉතින් ටික දවසකට පස්සේ කස්ටියට  පොඩි තැග්ගක් දිලා යන්න හිතුනා.මොකක් …..නත්තලට   නෙවෙයි අප්පා… අනේ මේ මොකුත් අහගන්ට එපා …. වැලන්ටයින්නුත් නෙවෙයි…ඕකනේ බැරි ඔහොම ඔච්චම් කරන්ට ගියොත් මම යනවා යන්න…..කට්ටියම අද මම ඔයාලගේ පොඩි කාලෙට එක්ක යන්න යන්නේ .මතකද දන්නේ  නැ  Scooby doo කාටුන් සෙට් එක. අර ස්කුබී කියලා එල කොල්ලෙක් හිටියේ …ආ ..ආ .…කොල්ලෙක් නෙවෙයි  එල බල්ලෙක් .ඒ සෙට් එකෙත් මම කැමතිම එයාලගේ පොඩි කාලේ කතා සෙට් එකට . ඉතින් යුද්ධ කර කර race පැද පැද ඉදලා වෙනසකටත් එක්ක හිතුනා වෙන වර්ගෙක game එකක් ගහන්න.ඔන්න ඉතින් හොයා ගෙන හොයා ගෙන යන කොට මේ සුපිරි game  එක සෙට් උනා.එහෙනම් සෙට් වෙන්නකෝ අපේ යාලුවොන්ගේ වැඩ කිඩ බලා ගන්න.”

Scooby-Doo!      First Frights

1

 

මම සෙල්ලම්ද කොල්ලෝ 2 ලිපියෙන් කිවුවනේ අද පණ එපා කියලා දුවන්න ready  වෙලා ඉන්න කියලා.කට්ටියට මතක ඇතිනේ අපි ගොඩක් කැමති කොල්ලයි බල්ලයි ඒ කිවුවේ අපේ ෂැගියයි  ස්කුබීයි ගැන දෙන්නා කන්ට රුසියෝ වගේම හොල්මන් දැක්ක ගමන් පණ එපා කියලා දුවන්නත් සූරයෝනේ….මේ දෙන්නාගේ පට්ට වැඩ කිඩයි ව්හිලුයි එක්ක මේ සෙල්ලම නවත්තන්නේ නැතුව සෙල්ලම් කරන්න පුලුවන්.මම කලින්ම කිවුවනේ මේක පට්ට game එකක් කියලා.ඔයාලා මේක සෙල්ලම් කරන් යන කොට කාටුන් සෙට් එකේ තිබුන දේවල් ගොඩක් මතක් වෙනවා.අපේ මේ පස්දෙනාට වෙන වෙන දස්කම්නේ තියෙන්නේ ඉතින් මෙයාලා හොල්මන් එක්කත් සටන් කරන විදිය වෙනස්.හිනා කාලා මැරෙනවා අප්පා .මම ඒවත් ටිකක් කියනම්කෝ….ඔන්න එහෙනම් මේ සෙට් එක දන්නේ නැති අය අඳුනගෙන ඉමුකො …

2

Genre             action-adventure

Developer     torus games

Publisher       WB (Warner Bros Interactive Entertainment)

Platforms      MS windows, PS2, Wii, Nintendo DS

Rating        E10+

Scooby-Doo  ස්කුබී

ඔය උඩ තියෙන group photo එකේ ඉන්න දුඹුරු පාට කුක්කා තමයි අපේ ස්කුබීයා. මෙන්න මෙයා තමා මේ සෙට් එකේ හුරතලා ඒ වගේම අන්තිමේදී වැඩකාරයා වෙන්නෙත් මෙයා තමයි.හප්පේ ඒ වගේද මෙයාගේ කෑම .ඒ නිසාමද මන්දා මෙයාගේ ආයුධය විඩියට තියෙන්නේ සොසේජස් වැලක් .මෙයා උඩ  පැන පැන ගුටි දි දී හොල්මන් මට්ටු කරන්නේ ඒකෙන් තමයි .ඒ වගේම තමයි මෙයාට විතයි පුලුවන් කානු වගේ තැන් වලින් රිංගලා යන්න.එහෙනම් ඔයා මෙයා විදියට සෙල්ලම් කරද්දී ඒ දේවලුත් මතක තියා ගන්නකෝ.

Shaggy    ෂැගී

අපේ බල්ලාගේ හොඳම යාලුවා තමයි මේ කොල්ලා .ඔය කොළ පාට t-shirt එකක් ඇදන් ඉන්නේ…ස්කුබී වගේම තමයි කෑමට රුසියා.හොල්මන් දැක්කොත් කකුල් දෙකට වැඳ වැඳ දුවන්නේ.ඒ නිසාම මේ  game එකේදී  මෙයාට තමයි වේගෙන්ම දුවන්න පුලුවන් .මේයා කොච්චර කෑවත් බර වැඩි වෙන්න්නේ නෑ කියලා ඔයාලා දන්නවනේ ඒ නිසාම ඔයාට පුලුවන් මෙයා විදියට සෙල්ලම් කරද්දී ලණුවකින් උස තැන් වලට නගින්න.එතකොට මෙයාට දීලා තියෙන ආයුධය තමයි කැටපෝලයක්.මොකක් කුරුල්ලෝන්ට තියන්ටද….? සෙල්ල්ම් කරලාම බලන්නකෝ කාටද තියන්ට වෙන්නේ කියලා……

3

Fred  ෆ්රෙඩියා

මේ කට්ටියගෙන් කඩවසම්ම ශක්තිමත්ම කොල්ලා (මෙයා හිතන් ඉන්නේ එහෙම තමයි ) ඔය නිල් සුඳු ඉරි ඉරි t-shirt එකක් ඇඳන් ඉන්නේ. මෙයා හිතන් ඉන්නවා වගේම අපි සෙල්ලම් කරද්දිත් මෙයා තමයි බර වැඩ ඔක්කොම කරන්නේ.මෙයාට හොඳට ගහ ගන්නත් පුලුවන් නිසා වෙනම ආයුධක් දීලා නෑ.එහෙනම් මෙයත් එක්ක සෙට් වෙලා හොඳට ගුටි දෙන්නකෝ….

4

Daphne ඩැප්නී

මෙන්න මෙයා තමයි මෙතන ඉන්න ලස්සනම කෙල්ල.මෙයා පස්සේ මහසෝනා පැන්නුවත් මෙයාට ඕනී ලස්සනට පිරිසුදුව ඉන්න.ඒ වගේම කාටුන් ටික මතක තියෙනවා නම් මතක ඇති මෙයා කරාතේ එහෙමත් දන්නවා කියාලා .ඒ වගේම කඩු සෙල්ලම්.ඔය ඔතන දම් පාට ඇඳුමක් ඇදන් ඉන්නේ එයා තමයි.

5

 

Velma වෙල්මා

මෙන්න ඉන්නවා මේ සෙට් එකේ බුද්ධිමත්ම කෙල්ල.ඔය කණ්ණාඩි දා ගෙන ඉන්නේ එයා තමයි.සෙල්ලම් කරන් යද්දී තියෙන ගැටලු මෙයා තමයි විසදන්නේ.මෙයාට තියෙනවා  sumo   කිට් එකක්.බෝලේ වගේ පෙරළි පෙරළි ඒකෙන් තමයි වැඩ දාන්නේ.

ඔය මම ඔයාලට කිවුවේ game එක පටන් ගද්දිම තියෙන දේවල් ටිකක්. සෙල්ලම් කරන් යන්න යන්න ඔයාලගේ ආයුධ වෙනස් වෙනවා.වේගය ශක්තිය වගේ දේවල් වැඩිවෙනවා.දෙන්න පුලුවන් දුවන්න.ඔය කිවුවට මේ  වගේ අයව දැක්කම අපිට තමයි දුවන්න හිතෙන්නේ .මේ ඉන්නේ ලොකු හොල්මන් වල ගෝලයෝ ටිකක්…හිතා ගන්නකෝ මෙයාලගේ බොස් කොහොම වෙයිද කියලා…….

6

7

දැන් මම කියන්නම්කෝ සෙල්ලම් කරන් යන්න ඕන විදිය .මේ game එකේ ඔයාට  level  22 තියෙනවා ඒ කතා 4 ක් ඇතුලේ.පළවෙන කතාවෙදි ඔයාට මේ සෙට් එකේ යාලුවෙක්ට උදව් කරන්ට තියෙන්නේ.ඒ පාසලක් ඇතුලේ.දෙවෙනි කතාව කානිවල් එකක් ගැන.අනිත් ඒවා නම් මම කියන්නේ නෑ.ඔයාලා සෙල්ලම් කරලම බලන්නකෝ.ඔයාලා අබිරහස් විසඳන අතරේ අපේ ස්කූබී යාලුවා කන්න ආසා Scooby snacks එකතු කරන්නත් ඕනී.කරන්ට නම් වැඩ ගොඩයි ඒපා වෙන්නේ නම් නෑ.මෙයාලා කරන සමහර විහිලුත් එක්ක බඩ පැලෙනකම් හිනා වෙන්නත් පුලුවන් .දැන් බලමුකෝ මේ game එක සෙල්ලම් කරන්න ඔයාලගේ computer එකේ තියෙන්ට ඕනී අවම සුදුසුකම් ……

OPERATING SYSTEM –WIN XP,VISTA,7

CPU-PIV 4 2.0 GHZ

RAM-2GB RECOMMENDED BUT 1GB SUPPORT (FOR XP 512MB)

GRAPHICS HARDWARE-128MB (NVIDIA GEFORCE 6200 GT OR BETTER)

HDD- 2GB OF FREE SPACE

SOUND HARDWARE-DIRECTX 9.0C   OR HIGHER

මම දන්නවා ගොඩක් අයට මෙක සෙල්ලම් කරන්ට පුලුවන් කියලා.game එක පොඩි නිසා ඔයාලගේ data  නාස්ති වෙන්නෙත් නෑ.ඔන්න ඉතින් මම නැතුව ආයේ පාලු නැති වෙයි යාලුවෝ පස්දෙනෙක්ම ඉන්නවානේ.අනිත් දවසේ ආවම මට මෙයාලගේ දඟ වැඩ කියන්නකෝ….එහෙනම් යන්න අවසරයි……

මම  ජයේ…

“මෙහි පළවන සියලුම ලිපි වල අයිතිය friendsmind සතුවන බව සලකන්න.

කතෘ අයිතිය සුරකින්න.”

 

One thought on “පරිගණක සෙල්ලක්කාරයන්ට- ස්කූබී …………හපන්න නම් එපා …

ඔබෙ අදහස් අපිට කියන්න...