Java Fundamentals ( ජාවා මූලිකාංග – Variables ) – Part VI



” සෑහෙන කාලෙකට පස්සේ ජාවා එක්ක ඔයාලත් එක්ක එකතු වෙන්නේ… මේකයි සීන් එක පරක්කු වෙන්න… සතර දෙසින් කලු කරගෙන ආවා කියාපන්කෝ ප්‍රශ්න ලොරියක්ම.. රෙද්දේ රෙවුනා වගේ වැඩක් වුනේ මට..(කැත වචනත් කියනවා නේ… ආයේ ඉතින් මේකේ පොඩි බබාලා නෙවෙයි නේ ඉන්නේ..)… එයින් මෙයින් මේ දවස් වල තව ලොකු ලොකු plan වගයක් යනවා ඔයාලට ඉස්සරහට මොනවගේ දේවල් ද දෙන්ට ඕනේ කියන එක සම්බන්ධව… අලුත් වැඩකාරයෝ සෙට් එකක් එන්නත් තියෙනවා එයාලත් ලගදීම ඔයාලත් එක්ක සැට් වෙයි කියලා කියමුකෝ…

මං කලින් ලිපියෙන් කිව්වේ ජාවා source file එකක් හරියටම ලියන්න ඕන විදිහ ගැන.. ඊටත් කලින් ලිපියෙන් කිව්වේ Identifiers ගැන.අද කියන්න යන්නේ මේ identifiers ලා එක්ක සම්බන්ධකම් පවත්වන යාලුවෝ සැට් එකක් ගැන.. අපි බලමු කවුද කියලා….”


පසුගිය ලිපි කියවන්න..

Java Fundamentals (ජාවා මූලිකාංග) – Part I

Java Fundamentals (ජාවා මූලිකාංග) – Part II

Java Fundamentals (ජාවා මූලිකාංග) – Part III

Java Fundamentals (ජාවා මූලිකාංග) – Part IV

Java Fundamentals (ජාවා මූලිකාංග) – Part V

පාඩම පටන් ගන්න කලින් කියන්න දෙයක් තියෙනවා… අපේ කොල්ලෝ සැට් එක මට බනිනවා මං post දානවා slow වැඩි කියලා.. ඒ කියන්නේ පොඩි topic වලටත් ලොකු ලොකු post දානවා කියලා.. මේකනේ සීන් එක ජාවා ගැන “අ“ ඉදන් කියලා දෙන්න ගියාම මෙහෙම වැඩ වෙනවා තමා ඉතින්… ජාවා වල “අ“ දන්නේ නැති එකා ජාවා කරලත් වැඩක් නැ ඉතින්…

ඔයාලට මතකද මං කලින් ලිපියෙන් කිව්වා Variable කියලා යලුවෙක් ගැන… අමතක වෙන්න විදියක් නම් නැ.. අමතක වෙලා තිබුනොත් නම් ඉතින් අනිනවා ටොක්කක් $%# යන්නම.. අද කතා කරන්න යන්නේ මෙන්න මේ යාලුවා ගැන තමා.මෙයාව අතහැරලා අපිට ඉස්සරහට යන්නත් බැ… ඒ නිසා මෙයාව තරහා කරගන්නේ නැතුව ඉන්න මේ මං කියන දේවල් ටික හොදට අහගන්න… නැත්තම් ඉතින් මීටරේට වැටෙන්නේ නැතිවෙයි…

What Is Variable – ව්චල්‍යයන්

A piece of memory that can contain a data value. They store information such as letters, numbers, words, sentences, true/false, and more.

“පරිගණකය තුළ දත්තයන් ගබඩාකර තබා ගැනිමට හැකියාව ඇති මතක කොටසක් ලෙස හැදින්විය හැක.එහි අකුරු,ඉලක්කම් වැනි දෙවල් මතක තබාගත හැකියි. “

-> Each Variable has a data type –  සෑම Variable එකකට ම Data type එකක් පවති.එම Data type එක මගින් තීරණය කරනවා කුමන ආකාරයේ දත්තයන්ද එහි තබාගත යුත්තේ කියලා.ඒ වගේම කුමන ආකාරයේ Operation කිරිමට හැකියාව පවතිනවාද යන්න.. උදාහරණයකින් කිව්වොත් Variable එක Numbers පමණක් තබාගත හැකි නම් එම variable එක මගින් අපිට එකතු කිරිම්,අඩුකිරිම් වැනි Operations සිදුකල හැකියි.

ජාවා වලදි අපිට හම්බෙන variables වර්ග 4 ක් ඉන්නවා..මේ 4 දෙනා සැට් වෙන තැන් අනුව මෙයාලව හදුන්වන විදිහ ටිකක් වෙනස් වෙනවා.මෙයාලට කරන්න පුලුවන් වැඩත් ටික ටික වෙනස් ඉතින්.. .

Type Of Variables In Java

  • Non-static fields

  • Static fields

  • Local variables

  • Parameters

නිකන්ම මූණට දමලා ගහනවා වගේ එකපාරටම නම් ටික විතරක් කියලා වැඩක් නැනේ නේ… එක එක්කෙනා අරගෙන මෙයාලා ගැන විස්තර ටිකක් දැනගමු නේ… දැන් ඉතින් අපේ එවුන් කියයිද දන්නැ.. මු වටේ ගෙනියනවා වැඩි කියලා…

ඇයි අවුල්ද ?

නැ.. නේ එහෙනම් සද්ද බද්ද දාන්නේ නැතුව මේ ටික අහන් ඉන්න…

 01.Non-static Variables

සාමාන්‍යය‍ෙන් අපි Instance variables කියලා තමා කතා  කරන්නේ. class එකක් ඇතුලේ වන නමුත් methods වලින් පිටත හදන variable එකකට තමා අපි Instance එහෙමත් නැත්නම් Non-static Variable එකක් කියලා කියන්නේ.මේ variable වල store වන values එක් එක් Object එක අතර unique ලෙසයි තියෙන්නේ.

මේ variable සියලුම methods, constructor සහ blocks සියල්ලටම visible වෙනවා ඒ කියන්නේ Access කරන්න පුලුවන් කියන එක. මේවා implicitly initialize වෙන්නේ ඒවායේ default අගයන් වලට.නමුත් අපිට ඒවාට explicit අගයන් වුවත් යොදන්න පුළුවන්.

අපි බලමු මොනාද ඒ default අගයන් කියලා..

byte = 0

short = 0

int = 0

long = 0L

float =0.0f

double =0.0d

char =’\u0000′

boolean = false

Ex :- 

Class Person {

String name;

int age;

String gender;

}

Person P1=new Person ();

Person P2=new Person ();

Person P3=new Person ();

 Person  කියලා class එකක් හදලා තියෙනවා.. එකේ තියෙනවා Attribute 3ක් name, age, gender කියලා. එතකොට මං මේ හදපු Attribute 3 න ම තියෙන්නේ class එකක් ඇතුලේ කිසිම method එකක් සමග සම්බන්ධතාවයක් නැ.. ඒ කියන්නේ මේ තියෙන්නෙ Instance variables 3 ක්.

මං ඔයාලට කිව්වා මතකද instance variables වල values එකිනෙකට unique වෙනවා කියලා..මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ.. p1 කියන්නේ person class එකේ object එකක් කියලා හිතන්නකෝ.. ඒ වගේම p2,p3 කියන්නෙත් Objects. අපි person class එකෙන් object එකක් හදනකොටම ඒ class එකේ තියෙන Non-static variables අදාල object එක යටතේ RAM එකට Load කරගන්නවා. එකම class එකෙන් object කිහිපයක් හැදුවත් ඒ ඒ Object එකට අදාලව වෙන වෙනම Instance Variables හදාගන්නවා.මේ නිසා values එකිනෙකට Unique වෙනවා.

Summery

  • Instance variables are declared in a class, but outside a method, constructor or any block.
  • Instance variables are created when an object is created.
  • Access modifiers can be given for instance variables.
  • The instance variables are visible for all methods, constructors and block in the class.
  • Instance variables have default values.
  • Instance variables can be accessed directly by calling the variable name inside the class.

 

 02.Static Variables

 මේකත් Instance variables වගේම class එකක් ඇතුලේ methods හා constructor block වලින් පිටත සාදන නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙහි මුලට static කියන Keyword එක භාවිතා කිරිමයි. මෙවාට class variables කියලත් කියනවා. මෙම variables වල ඇති විශේෂත්වය වන්නේ අදාල class එකෙන් කොපමණ Object සැදුවත් class එකට එක Variable එකක එක් copy යක්  පමණයි තිබිය හැක්කේ.

RAM එකේ තියෙනවා Static කියලා වෙනම area එකක් මෙන්න මේ area එකේ තමා class variable(Static) සද්දේ දාගෙන ඉන්නේ.සාමාන්‍යයෙන් අපි මේ static variable භාවිතා කරන්නේ වෙනස් නොවන නිශ්චල අගයන් Store කරන්නයි. public & private කියන keyword අපි මෙහිදි use කරනවා.මෙවා Program එක ආරම්භ කරන අවස්ථාවේදි නිර්මාණය කරගන්න අතර අදාල වැඩසටහන අවසන් කරන විට විනාශ වෙයි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මේ Variable වලට Call කරන්න පුලුවන් වන්නේ class එකේ නමිනුයි  ClassName.VariableName

public static final වලට පස්සේ variable name එක දෙනවා නම් අපි ඒ නම CAPITAL වලිනුුයි නම් කරන්නේ.

 

class Employee{

   private static double salary;
   public static final String DEPARTMENT = "Development ";

}

Summery

  • Class variables also known as static variables are declared with the static keyword in a class, but outside a method, constructor or a block.
  • Static variables can be accessed by calling with the class name . ClassName.VariableName.
  • Default values are same as instance variables.
  • Visibility is similar to instance variables.
  • Static variables are stored in static memory.
  • Static variables are rarely used other than being declared as constants.
  • There would only be one copy of each class variable per class, regardless of how many objects are created from it.

 

 03.Local Variables

method block එකක් ඇතුලේ declare කරන variable එකක් local variable එහෙමත් නැත්නම් method variable එකක් කියලා කියන්න පුලුවන්.මෙහෙම හදන variable එකක් අදාල method එක ඇතුලේ පමණක් භාවිතා කරන්න පුලුවන්.එකම class එකේ වෙනත් method එකක සිට මේ variable වෙත Access කරන්න බැ.. මේ variable වල scope එක වඩාත් සිමාකාරි ලෙසයි තියෙන්නේ.

ඒ වගේම මේ variable වලට අගයන් ලබාදිමට පෙර භාවිතා කල නොහැකියි. මෙයාලට බැ default value ආදේශ කරගන්න.ඒ වගේම final කියන modifier විතරයි භාවිතා කරන්න පුලුවන්.

class Test{ 
   public void pupAge(){
      int age = 0;
      int final id=9223335;
   }
}

Summery

  •  Local variables are implemented at stack level internally.
  • Local variables are declared in methods, constructors, or blocks.
  • Access modifiers cannot be used for local variables.
  • Local variables are visible only within the declared method, constructor or block.
  • There is no default value for local variables

 

 Variables ගැන කියන්න නම් තව ගොඩක් තියෙනවා අදට ඇති වගේ නේ.. එහෙනම් ඊලග ලිපියෙන් මේකේ ඉතිරි ටික අරන් එනකම් අදට මං ගියෝ……….


“මෙහි පළවන සියලුම ලිපි වල අයිතිය Friends Mind සතුවන බව සලකන්න.
කතෘ අයිතිය සුරකින්න.”


One thought on “Java Fundamentals ( ජාවා මූලිකාංග – Variables ) – Part VI

ඔබෙ අදහස් අපිට කියන්න...